සරම්ප එන්නත් මාත්‍රාව ලබාදෙන ප්‍රදේශ ගැන දැනුම්දීමක්

January 04, 2024 - 11:37 AM
මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ලබන 06 වන දින තෝරාගත් දිස්ත්‍රික් 9ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ආරම්භ කරන බවයි එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, ගාල්ල, කල්මුණේ ඇතුළු ප්‍රදේශ කිහිපයක් මුල් කර ගනිමින් මෙම එන්නත් වැඩසටහන දියත් කෙරෙන බවයි සඳහන් වන්නේ.

මෙය අමතර එන්නත් මාත්‍රාවක් බවත්, වයස සම්පූර්ණ වනවිට නියමිත එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)