ලියාපදිංචි නොකළ වාහන සම්බන්ධයෙන් දැනුම්දීමක්

December 16, 2023 - 9:14 PM
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ලියාපදිංචි නොකළ වාහන සම්බන්ධයෙන් මෙම දැනුම්දීම සිදුකර තිබෙන අතර වාහන ලක්ෂ විසිතුනක් පමණ තහනම් කිරීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ.

වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධව තදින් ම කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් මෙරටට ගෙන්වා වරායේ හා ගුවන්තොටුපල භාවිතයට ගෙන ඇති වාහන සහ රේස් තරග සඳහා ගෙන්වා ගෙන ඇති දහස් ගණනක වාහන ප්‍රමාණයක් පවතින බවත් ඒවා ලියාපදිංචි කිරීමකින් පසුව භාවිතයට ගැනීම අනිවාර්ය බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.

වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර අලුත්කර ගැනෙන්නේ වාහන පනස්පන් ලක්ෂයක් පමණක් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
(lknews.lk)