පාසල් සිසුන් සඳහා ලබා දෙන පෝෂදායී ආහාර වේල අඛණ්ඩවම

April 24, 2025 - 9:59 AM
පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අදාළ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශවකරුවන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගනිමින් ලෝක ආහාර වැඩසටනේ ආධාර මත පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මේ යටතේ විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා එකතු කිරීමටද නියමිතයි.


(lknews.lk)