සාපෙළ සිසුන්ට පණිවිඩයක්

April 17, 2024 - 11:29 AM
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන්ද පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මඟින්ද විභාග ප්‍රවේශ පත්‍ර ලබා දෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මැයි 06 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිතයි.

(lknews.lk)