10 වසරේදී සාමාන්‍ය පෙළ ලිවීමට අවස්ථාව

November 22, 2023 - 11:45 AM
සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මේ හරහා උසස් පෙළ විභාගයට වයස අවුරුදු 17 දී පෙනී සිටීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම අවුරුදු 4 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර පාසලට ඇතුළත් කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අද (22) පාලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ අදහස් පළ කළා.
(lknews.lk)