එක්දින ලෝක කුසලානයේ පුහුණු තරඟ අද සිට

September 29, 2023 - 11:43 AM
අද (29) සිට එක්දින ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පුහුණු තරඟ ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව පුහුණු තරඟ 3ක් හෙට දිනයේදී පෑවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එහි පළමු පුහුණු තරඟය පැවැත්වෙනු ඇත.

ගුවාති හි බරසපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට ආරම්භවීමට නියමිත තරඟය පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරඟයක් ලෙසයි.

හෙට දිනයේදී ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් , නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරගයත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
(lknews.lk)