ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින තරගය අදයි

January 06, 2024 - 11:14 AM
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (06) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එක් දින තරග 03කින් සහ 20-20 තරග 03කින් මෙම තරඟාවලිය සමන්විත වන අතර අද තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම මෙහෙයවන්නේ, ක්‍රෙග් අර්වින් විසිනි.
(lknews.lk)