ONLINE පනතේ සංශෝධන කැබිනට් මණ්ඩලයට

February 12, 2024 - 3:56 PM
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් Online පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ පසුගිය දිනවල මෙම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු විවිධ පාර්ශව එල්ල කළ විවේචන සැළකිල්ලට ගනිමින්.

මෙම සංශෝධන අද (12) දිනයේදී හෝ මීළඟ කැබිනට් හමුවේදී ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
(LKNEWS)