ඔපෙක් අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50ක ණයක්

December 10, 2024 - 8:47 PM
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල ශ්‍රී ලංකාවට ප්‍රතිපත්ති පාදක ණයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලබාදීමට එකඟ වී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ මෙරට විස්තීරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට මුදල් සැපයීම සදහා අරමුදල් ලබා ගැනීමට රජය ඔපෙක් අරමුදලට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ඇතිව ක්‍රියාත්මක කරන ලද විස්තීරණ අරමුදල් පහසුකමේ පරාමිතීන්ට අනුකූලව මෙම ඉල්ලීම සිදු කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව එම ණය මුදල ලබා ගනිම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළැඹීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

(lknews.lk)