මැණිකෙලාට උඩරටට යන්න තිබූ බාධා ඉවතට

June 04, 2024 - 10:53 AM
කොළඹ කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය අද (04) සිට යථාතත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා.

උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් අතර පීලි පැනීමට ලක් වූ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ඊයේ (03) රාත්‍රියේම පීලි ගත කර තිබෙනවා.

ඒ අනුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)