උඩරට දුම්රිය මාර්ගයට බාධා

June 23, 2024 - 11:02 AM

උඩරට දුම්රිය මාර්ගයේ ඉඟුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින්ම ගස් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට අද (23) අලුයම සිට බාධා පැමිණ තිබෙන බව වාර්තා වනවා.

දුම්රිය මාර්ගයට කඩා වැටුණු ගස් කපා ඉවත් කරන තෙක් නානුඔය සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.
(lknews.lk)