නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති අතර නිල හමුවක්

July 10, 2025 - 6:08 PM
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ අතර නිල හමුවක් ඊයේ (09) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු වී තිබෙනවා.

මෙම හමුවේදී සමුද්‍රීය ආරක්ෂණ ඒකාබද්ධ පුහුණු අභ්‍යාස සැලසුම් කිරීම සහ එමඟින් නාවික - ගුවන් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

(lknews.lk)