තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්

July 03, 2024 - 9:25 AM
තරුෂි කරුණාරත්න සහ නදීෂා ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 තරග ඉසව්වෙන් තරග කිරීමට සුදුසුකම් ලබා ඇති අතර නදීෂා ලේකම්ගේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ඉදිරිපත් වීමට නියමිතයි.

පැරිස් ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංශයේදී පැවැත්වෙනවා.

(lknews)