සැඩපහරට හසු වී පුද්ගලක් අතුරුදන් තවත් පුද්ගලයෙක් රෝහලේ

September 09, 2024 - 8:55 AM
පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දිය වැලකට හසු වී ගසාගෙන ගොස් තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ පානදුර වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටී නිලධාරීන් ඔවුන් බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එක් පුද්ගලයෙක් බේරාගෙන පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර අනෙක් පුද්ගලයා අතුරුදන් වී තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන තොටවත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් ජීවිතාරක්ෂක අංශය විසින් අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා.


(lknews)