ජනපති සහ ලෝක බැංකු සභාපති අතර මාර්ගගත සාකච්ඡාවක්

November 28, 2024 - 7:04 PM
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලෝක බැංකු සභාපති Ajay Banga අතර ඊයේ (27) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වා තිබෙනවා.

එහිදී නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජයගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය පිළිබඳව Ajay Banga අදහස් දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එමෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්ෂණික උපකාර සැපයීම කෙරෙහි එහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews.lk)