මාර්ගගත ක්‍රමයට පාස්පෝට් ගන්න දින වෙන් කිරීම අද සිට
November 06, 2024 - 12:24 PM
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීම අද (06) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය මාස කිහිපය තුළ එම දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලය අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.
ඒ විදෙස් ගමන් බලපත්‍ර හිඟ වීමත් සමඟ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කිරීම හේතුවෙන්.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් නිලූෂා බාලසූරිය සඳහන් කළේ මේ මාසයට අදාළව දින වෙන් කිරීම මේ වන විට අවසන් වී ඇති බවයි.
ඒ අනුව අද සිට මාර්ගගත ක්‍රමයට දින වෙන්කර ගන්නා පුද්ගලයන්ට දින ලබාදීමට හැකියාව තිබෙන්නේ ලබන මස මුල සිට බව ඇය කියා සිටියා.
(lknews.lk)