දුම්රිය ආසන වෙන් කිරීම අද සිට online ක්‍රමයට

March 14, 2024 - 12:09 PM
දුම්රිය ආසන වෙන් කිරීම සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (14) දිනයේ රාත්‍රී 7 සිට දුම්රිය ආසන වෙන් කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකියි.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බවයි.
(lknews.lk)