Online ක්‍රමයට දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටළුවක්

March 15, 2024 - 10:46 PM
දුර ගමන් සේවා දුම්රිය වල ආසන වෙන් කිරීම සඳහා අලුතෙන් හඳුන්වා දුන් online ක්‍රමවේදය ගැටළු සහගත බව දුම්රිය මගීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් අද (15) කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් රැසක් අපහසුතාවට පත්ව තිබෙනවා.

ඒ, online ක්‍රමයට ආසන වෙන්කර ගත් මගීන්ට ටිකට්පත් වෙන් වී තිබුණ ද දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමට පැමිණි පසු ඇතැම් මගීන්ට දැනගන්නට ලැබී ඇත්තේ, තමන්ට ආසනයක් වෙන්ව නොමැති බවයි.
(lknews.lk)