බදුගොනු විවෘත කිරීම පමා වන බවට දැනුම් දෙයි

December 30, 2023 - 5:30 PM
ලබන වසරේ ජනවාරි 01වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපල මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි 01 වැනි දා සිට අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබුණා.

මෙලෙස මසකින් පමණ කල්දැමීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
(lknews.lk)