යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි

February 17, 2024 - 5:23 PM
ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කරන තුරු යුක්තිය මෙහෙයුම අඛණ්ව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ අනුව මේ වසරේ ජුනි මස 30 වැනිදා දක්වා යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා පොලීසියට බලය පවරා තිබෙනවා.

එම කාලය තුළත් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් නොවුණහොත් යුක්තිය මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)