ශ්‍රී ලංකාවේ තැඹිලි මිලත් උණුසුම් වෙයි

February 28, 2024 - 2:24 PM
රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩි වී තිබෙනවා.

ඒ අනුව කොළඹ සහ ඒ අවට තැඹිලි ගොඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබුණා.

මීට සති දෙකකට පමණ පෙර කොළඹ ප්‍රදේශයේ තැඹිලි ගෙඩියක් රුපියල් 120 ත් රුපියල් 140 ත් අතර මිලක පැවතුණා.
(lknews.lk)