ධනුෂ්කගේ නඩු ගාස්තු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් නියෝගයක්

November 24, 2023 - 12:16 PM
ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ නඩු ගාස්තු ඔහුට ලබා ගැනීමට හැකි වන පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසද විනිසුරුවරිය නියෝග ක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24) කැඳවූ අවස්ථාවේදී රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු තිබූ බවට පෙන්වාදී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු තරුණියකට ඇයගේ නිවසේදී අතවර කළ බවට ගුණතිලකට එරෙහිව චෝදනා එල්ලවී තිබූ අතර නඩු විභාගයකින් අනතුරුව ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණා.
(lknews.lk)