මෛත්‍රීට එරෙහි පෙත්සමේ නියෝගය ලබන මසදී

February 15, 2024 - 2:06 PM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මොන්ටිගෝ සරත්චන්ද්‍ර මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන මාර්තු මස 25 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අද (15) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින්.

ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගිය පසු සභාපති ධූරය දැරීම තම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒ අනුව හිටපු ජනාධිපතිවරයා එම ධුරය දැරීමට නුසුදුසු බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
(LKNEWS)