කෙහෙළිය ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු 09 වනදා

July 30, 2024 - 12:34 PM
නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කළ නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

(lknews)