බන්ධනාගාර රෝහලේ තදබදය ඉහළ යයි

February 17, 2024 - 2:18 PM
බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

180 කට පමණක් ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලේ රෝගී රැඳවියන් 380ක් සිටින බවයි ඔවුන් පවසන්නේ.

ඒ හේතුවෙන් එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)