ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කලාපය ඉදිකිරීම් කඩිනමි කරන්නැයි උපදෙස්

December 05, 2023 - 9:06 AM
රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුවකින් මෙරට ආරම්භ කිරීමට යෝජිත ප්‍රථම ඖෂධ නිෂ්පාදන කලාපය වන ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කලාපය කඩිනමින් සංවර්ධන කොට ආයෝජකයින් වෙත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රටතුළ නිෂ්පාදනය කළ හැකි සියලු‍ම ඖෂධ මෙරට නිෂ්පාදනය කර තත්වයෙන් උසස් ඖෂධ සාධාරණ මිලට ජනතාවට ලබාදීම මෙහි අරමුණයි.

මේ වනවිට රටට අවශ්‍ය ඖෂධ වලින් සියයට 20 ක් රට තුළ නිෂ්පාදන කෙරෙනවා.
(lknews.lk)