මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වර්ජනයක

October 30, 2023 - 10:04 AM
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (30) සහ හෙට (31) සේවයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබෙනවා. 

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පැවසුවේ. 
 
මේ අතර 2024 අයවැය හරහා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් හෙට දීපව්‍යාප්ත විරෝධතාවක් පවත්වන බව වෘත්තීය සමිති රැසක් නිවේදනය කර තිබෙනවා.
(lknews.lk)