PHI සංගමය අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

October 23, 2023 - 7:44 AM
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (23) සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. 
 
පසුගිය වසර කිහිපය තුළ ජීවන වියදම අහස උසට ඉහළ ගොස් තිබියදීත් ඔවුන්ගේ දීමනා වැඩි කිරීමට බලධාරීන් අපොහොසත් වීම පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම වැඩ වර්ජනය දියත් කර තිබෙනවා. 
 
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, ප්‍රවාහන දීමනා වැඩි කිරීමට සමගාමීව ඔවුන්ගේ ද දීමනා වැඩි නොකිරීම හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවයි.
 
අද පෙරවරු 7:30 සිට පැය 24 ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මකයි.
(lknews.lk)