PHOTS | රත්නපුර දරුවන්ගේ අධ්‍යාපනයට නව අරුතක්

July 19, 2024 - 12:00 PM
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද දැයේ සියලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම උදෙසා පිරිනමනු ලබන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමේ තවත් වැඩසටහනක් සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දී පැවැත්වුණා.

එහිදී අධ්‍යාපන කලාප 05ක දරු දැරියන් 5882ක් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වුණා.

ඒ උසස් පෙළ සිසුන් 240ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 5642ක් වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.  

උසස් පෙළ එක් සිසුවෙක් සඳහා මසකට රු.6000 බැගින් වූ ශිෂ්‍යත්ව ද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා එක් සිසුවෙකුට රු.3000 දැගින් වූ ශිෂ්‍යත්ව ද මෙහිදී පිරිනමනු ලබනවා.

මේ සඳහා දායකත්වය දෙනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්.



(lknews)