PHOTS | කෑගල්ල දරුවන්ගේ අධ්‍යාපනයටත් බලාපොරොත්තුවක්

July 17, 2024 - 11:57 AM
දැනුමින් දිනන මතු පරපුරක් උදෙසා අවශ්‍ය අත්වැල සපයමින් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව 2024 වැඩසටහන සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රය කර ගනිමින් පසුගියදා පැවැත්වුණා.

එම දිස්ත්‍රික්කය තුළ කලාප 3ක ජනාධිපති ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 4704ක් බවයි වාර්තා වන්නේ.

ඒ උසස් පෙළ සිසුන් 180ක් හා 1 ශ්‍රේණිය් සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 4524ක් වශයෙන්.

මෙහිදී උසස් පෙළ සිසුවෙක් සඳහා මසකට රු.6000 බැගින් වූ ශිෂ්‍යත්ව ද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා රු.3000 බැගින් වූ ශිෂ්‍යත්ව ද පිරිනමනු ලබනවා.

මෙම වැඩසටහන සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ තවත් බොහෝ පිරිසක් එක්ව සිටියා.
 
මෙම වැඩසටහන සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය දායකත්වය සපයනු ලබනවා.



(lknews)