විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ගැන මහජන අදහස් ලබා ගන්නා ආකාරය ගැන පැහැදිලි කිරීමක්

January 17, 2024 - 6:33 PM
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධන යෝජනාව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට භාර දී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ. 
 
කොමිසමේ ප්‍රතිපාදනවලට යටත්ව විදුලිය බිල සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද උපයෝගීතා කොමිසම සඳහන් කළා.
(lknews.lk)