වී ගබඩා තවමත් වැසෙයි

March 15, 2024 - 9:49 PM
වී මිලදී ගැනීමට රජය විසින් කෝටි 50ක මුදලක් වෙන් කර තිබුණත් බොහෝ ප්‍රදේශ වල වී අලෙවි මණ්ඩලවල ගබඩා තවමත් වසා දමා තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික වී මෝල් අසළ අද (15) දැඩි තදබදයක් දක්නට ලැබුණා.

මේ හේතුවෙන් ගොවීන් බොහෝ පිරිසක් රජයේ වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීම වෙනුවට පෞද්ගලික වී මෝල් වෙත වී අලෙවි කිරීමට යොමු වී තිබෙනවා.
(lknews.lk)