පාලිත රංගේ බණ්ඩාරගේ පුත් ඇප මත නිදහස්

June 29, 2024 - 5:39 PM
අද (29) අලු‍යම සිදු වූ රිය අනතුරට අදාළව කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.

ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇති අතර නඩුව යළි ලබන වසරේ මාර්තු 25 වනදා කැඳවීමට නියමිතයි.

(lknews)