පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධූරයේ දිවුරුම් දෙයි

July 01, 2024 - 12:43 PM
වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ අගවිනිසුරුවරයා ඉදිරියේ අද (01) දිවුරුම් දී තිබෙනවා.

නීතිපති සංජෙයි රාජරත්නම්ගේ නිල ධූර කාලය පසුගිය 26 වනදා අවසන් වීමත් සමඟ එම ධූරය පුරප්පාඩුව පැවතුණා.

(lknews)