පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත් කරයි

July 12, 2024 - 4:33 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ නව නීතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
 
නීතිපති ධූරයේ කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධූර කාලය පසුගිය 26 වනදා අවසන් වීමත් සමඟ නීතිපති ධූරය පුරප්පාඩු වී පැවතුණා.

(lknews)