පැරිස් ඔලිම්පික් ගිනි සිළුව දල්වයි

April 17, 2024 - 3:40 PM
මේ වසරේ පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනි සිළුව දැල්වීම ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ඔලිම්පික් ගිනි සිළුව ග්‍රීසිය තුළ දින 11ක් සංචාරය කර අප්‍රේල් 26 වනදා ඇතෑන්ස් නුවරදී ප්‍රංශ ඔලිම්පික් සංවිධායකයින්ට භාරදීමට නියමිතයි.

එමෙන්ම ජූලි 26 ඔලිම්පික් උළෙල සඳහා ගිනිසිළුව රැගෙන ඒමට නියමිත බවයි සඳහන් වන්නේ.

(lknews.lk)