පාර්ලිමේන්තුව අද රැස්වෙයි
April 08, 2025 - 9:33 AM
අද (08) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී සඳහන් කළේ අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතපල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීමට නියමිතව තිබෙන බවයි.
එය විවාදයකින් තොරව සම්මත කිරීමට ද නියමිතව ඇති අතර යෝජනා සම්මතය පිළිබඳව ඡන්ද විමසීමක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කළා.
මේ අතර නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)