බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

April 10, 2025 - 9:54 AM
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කළේ බටලන්ද නිවාස සංකීර්ණය තුළ නීතිවිරෝධීව රඳවා ගැනීමේ ස්ථාන හා වධකාගාර පිහිටුවීම මෙන්ම ඒවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ වාර්තා, එහිදී විවාදයට ගනු ලබන බවයි.

මෙය දෙදින විවාදයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහි දෙවැනි දිනය වෙනුවෙන්, මැයි මාසයේ දිනයක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පසුගිය මාර්තු 14 වැනිදා සභාගත කළා.


(lknews.lk)