සජබ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

June 27, 2025 - 5:34 PM
පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කළ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ පුත්තලම මහ නගර සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් බණ්ඩාර නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ සිය පක්ෂයේ පුත්තලම මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන එන්.එම්.එන් නුස්කිගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි.

(lknews.lk)