පාස්පෝර්ට් කාලය දීර්ඝ වෙයි

June 25, 2024 - 4:18 PM
ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ඊ පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළා.

කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාලසිමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බවයි  ජනරාල්වරයා පැවසුවේ.

නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම ඇරඹෙනු ඇති අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

(lknews.lk)