දේවගැති ජෙරොම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි

December 01, 2023 - 4:44 PM
අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු දෙසැම්බර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

වෙනත් ආගම්වලට අපහාස කිරීම සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291B වගන්තිය සහ 2007 56 සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 3(1) වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීම සහ වෙනත් ආගම්වලට අපහාස කිරීම සම්බන්ධයෙන් CIDය විසින් ජෙරොම් දේවගැතිවරයාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබුණා. 
 
2023 අප්‍රේල් 30 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී ජෙරොම් ප්‍රනාන්දු මහතා විශාල පිරිසක් අමතා අනෙකුත් ආගම්වලට විශේෂයෙන් බුදුදහම, හින්දු සහ ඉස්ලාම් ආගමට අවමන් වන ආකාරයේ ප්‍රකාශ රැසක් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
(lknews.lk)