දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අදත් CIDයට

December 01, 2023 - 10:10 AM
ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (01) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව අප වාර්තාකරු පවසනවා.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති දේව මෙහෙයකදී ආගමික අසමගිය ඇතිකිරීමේ චෝදනා යටතේ ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය මොහුට නියෝග කරනු ලැබුවා.

බුදුදහමට අපහාස වන අන්දමින් ප්‍රකාශයක් සිදුකර පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පෙරේදා දිවයිනට පැමිණියා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පාර්ශව රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණා.

අනතුරුව දේවගැතිවරයා ඉදිරිපත් කළ පෙත්සමකට අනුව අභියාkචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපලේදී අත්අඩංගුවට නොගන්නා ලෙසටයි.

කෙසේ වෙතත් පැය 48 ක් තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අභියාචනාධිකරණය දේවගැතිවරයාට එහිදී නියෝග කර තිබුණා.
(lknews.lk)