ජෙරොම් ප්‍රනාන්දු ලංකාවට

November 29, 2023 - 12:32 PM
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 

අධිකරණ නියෝගයට අනුව පැය 48ක් ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි. 
 
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නොවැම්බර් 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළා. 
 
ජෙරොම් දේවගැතිවරයා පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද අධිකරණය නියෝග කර තිබෙනවා.
(lknews.lk)