මෙම මස තීරණාත්මක බව පාඨලී කියයි

September 25, 2023 - 6:29 PM
මෙම මාසය ඉතාමත් තීරණාත්මක මාසක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව ජන හමුවක් අමතමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙම මාසය තුළ විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණිය යුතු බවයි.

තවමත් එකඟතාවකට පැමිණ නොමැති බවත් එසේ වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීමට ගැටලු ඇතිවිය හැකි බවත් තවමත් ශ්‍රී ලංකාව ඇත්තේ අවධානම් තත්ත්වයක බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 
(lknews.lk)