පැතුම් නිශ්ශංකට එක්දින තරගාවලිය අහිමි වෙයි

January 05, 2024 - 5:43 PM
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඩෙංගු ආසාදනයක් බවට සැක කිරීම හේතුවෙන් සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඔහු වෙනුවට ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල් එක්දින සංචිතයට එක් කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)