හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට පැතුම් එක් වෙයි

March 04, 2024 - 3:25 PM
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන තිබෙනවා.

අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක්  මඟින් ඒ අතරින් හොඳම ක්‍රීඩකයා තෝරා ගනු ලබනවා.

ඒ අනුව මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට පැතුම් නිස්සංක ද ඇතුළත් වී තිබෙනවා.

ඔහුව මෙලෙස නම් කිරීමට මූලික හේතුව වුයේ, ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී ලබාගත් ද්විත්ව ශතකයයි.
(lknews.lk)