ජාතික රෝහලේ A/C නඩත්තු කටයුත්තක් හේතුවෙන් රෝගීන් හරවා යවයි

December 07, 2023 - 2:26 PM
කොළඹ ජාතික රෝහලේ තෙවැනි මහලේ පවතින බාහිර රෝගී අංශයෙහි රසායනාගාරයේ වායුසමීකරණ පද්ධතිය නඩත්තු නොකිරීම නිසා රෝගීන් ආපසු හරවා යැවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඒ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ වායුසමීකරණ පද්ධතියේ ගෑස් කාන්දුවක් නිසා මෙම ගැටලුව උද්ගතව ඇති බවයි.

එහි නඩත්තු කටයුතු චීන සමාගමක් විසින් සිදු කරන බව සඳහන්.

එම චීන සමාගම පසුගිය දිනවල එහි නඩත්තු කටයුතු සිදු කළ ද ගෑස් කාන්දුව එලෙසම පවතින බව වෛද්‍යවරයාට දන්වා තිබෙනවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, වායුසමීකරණ පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට දින දෙකක් ලබාදෙන්නැයි එම සමාගම ඉල්ලීම් කළ බවයි.
(lknews.lk)