අස්වැසුම නොලැබුණු සියලුදෙනාට අලුත් අවුරුද්දට පෙර ගෙවීම්

April 01, 2024 - 1:49 PM
දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 4හි අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ රුපියල් 2500ක දීමනාව ලබා දීමට නියමිතයි.
(lknews.lk)