පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ

October 26, 2023 - 9:17 AM
ලබන වසරේ සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

මේ වන විටත් බොහෝ පළාත් පාලන ආයතනවල අදාළ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ද වාර්තා වනවා.

පළාත් පාලන ආයතනවල බදු එකතු කිරීමේ කටයුතු ඇතුළු ගෙවීම් ජනතාවට පහසුවෙන් සිදුකිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල සිදු කෙරෙන බව සඳහන්.

මෙය දිවයින පුරා ක්‍රියාත්මක පළාත් පාලන ආයතන 341 තුළම අදාළ වැඩපිළිවෙල ලබන වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා විසින් සඳහන් කළා. 
(lknews.lk)