මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට දඩ

July 27, 2024 - 4:05 PM
ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ගණන් රුපියල් 10කින් අඩු කිරීමට ඊයේ (26) සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගනු ලැබුවා.

පාන් මිල අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ එහි මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ මේ වන විටත් අදාළ වැටලීම් සිදු කරන ලෙස විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. 
(lknews)